Sunday 28th of June 2026

English Tamil
Advertiesment


ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක්


2026-06-28 1252

 

ජනාධිපති මාධ්‍ය අංශය

 

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් 27.06.2026 දින පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි.

රට පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිරී යාම වළක්වා ගැනීම සඳහා පරිසරය පවිත්‍රව පවත්වාගෙන යාමට රාජ්‍ය ආයතන මට්ටමින් සහයෝගය ලබාදීම දිරිමත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිට බේරේ වැව ආශ්‍රිතව, බාලදක්ෂ මාවත ඔස්සේ අරලියගහ මන්දිරය දක්වා මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ‍ප්‍රභාත් චන්ද්‍රකීර්ති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුලු ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහනට එක්ව සිටියහ.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment